දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ
නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදි සිදුව රජයට පාඩුවක් සිදු කිරීමට ඔහුට එල්ල කර ඇති චෝදනාව වේ.
එහිදී ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රුපියල් විසිතුන් ලක්ෂ අසූදහසක පාඩුවක් සිදු කර ඇති බව සඳහන්ය.
ඒ එම නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදි සිදුව රජයට සිදුව ඇතැයි කියන පාඩුවක් සම්බන්ධයෙනි.