ප්‍රධානීන් ගැසට් කළ පළාත් පාලන ආයතන 161ක බලය පිහිටුවා ඇති ආකාරය
පක්ෂය – ආයතන ගණන
ජාතික ජන බලවේගය 151
ඉලංකෙයි තමිල් අරසු කච්චි 06
ජාතික කොංග්‍රසය 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 01
ස්වාධීන කණ්ඩායම 01
සමගි ජන බලවේගය 00
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 00
එක්සත් ජාතික පක්ෂය 00
එකතුව 161
පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ වීම ඊයේ දිනයේදී සිදුවිය.
එහිදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 151ක බලය තහවුරු කරගෙන තිබූ අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන හයක බලය ද, ජාතික කොංග්‍රසය පළාත් පාලන ආයතන දෙකක බලය ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ස්වාධීන කණ්ඩායමක් එක් සභාවක බලය ද හිමි කරගෙන තිබුණි. මෙහිදී සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවලට කිසිදු සභාවක බලය හිමි නොවීම විශේෂත්වයකි. ඒ අනුව ඊයේ දින නිල වශයෙන් ස්ථාපිත කරනු ලැබූ පළාත් පාලන ආයතන 161 හි නගරාධිපතිවරු නියෝජනය කරන අධිපතිවරු, සභාපතිවරු හා උපසභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම මඟින් නිකුත් කොට තිබුණි
දිවයින