මංගල අංක එකේ ඩබල් ගේම් කාරයෙක්ලු?

මංගල අංක එකේ ඩබල් ගේම් කාරයෙක් බව 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පවසයි.

විදේශයක සිට පවත්වාගෙන යන එම වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ.

''ජනාධිපතිගේ බැඳුම්කර කොමි-සමයමේ සැබෑව හෙළිදරව් වුවද ජනාධිපතිවරයාගේ සට්ටැඹි රාල වන කිලී මහාරාජාගේ ‘සිරස‘ හෙවත් “සිරිසේනගේ රහස් සංඛ්‍යාත“ යනුවෙන් මහජනතාව හඳුන්වන නාලිකාව විසින් නිතිපතා එජාප නායකයන්ට මඩ ගැසීමට මෙකී කොමි-සමයම උපයෝගී කර ගනී.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව මත හිඳ ප්‍රථමයෙන් අගමැතිවරයාද පසුව රවි කරුණානායක ද ඉන්පසුව ලක්ෂ්මන් කිරිඇල්ල ද ඉලක්ක කර මඩ ගැසූ සිරස දැන් අකිල විරාජ්ටද මඩ ගැසීම ආරම්භ කර තිබේ.

කලින් මංගල සමරවීරද ඉලක්කයක් වී තිබුනද අංක එකේ ඩබල් ගේම් කාරයෙකු වන සමරවීර මාධ්‍ය ඇමැති සහ මුදල් ඇමැති වීමෙන් පසු මහාරාජා ෂේප් කරගෙන දැන් නිරුපද්‍රිතව සිටී. '' යැයි එම වෙබ් අඩවිය සඳහන් කරසිටි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත ලොතරැයි මණ්ඩල පවරා ගැසට් නිවේදනය නිකුත්කළ වහාම එතෙක් එම ආයතන දෙක අත්සන් කර තිබු තාවකාලික ගිවිසුම් කිහිපයක්ම අහෝසි කල අතර ඒ අනුව එම ආයතන විසින් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සඳහා ලබාදී තිබු වෙළඳ දැන්වීම් බැනර් ද තාවකාලිකව අත්හිටුවු බවද වාර්තා විය.

ජනාධිපති අරමුදලට මුල්‍ය දායකත්වය ලබාදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සභාපතිවරයකු පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

 

Search