'ඊ නිව්ස් දඩ බල්ලා නැවතත්' කියා ශිරාල් පරල වෙයි

සුගතදාස ක්‍රීඩාංගනයේ 20 වෙනිදා පැවැති 'ග්‍රාම ශක්ති' වැඩ සටහනේ ආරම්භක උත්සවයේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 3 ක මුදලක් ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මියගේ ‘මීඩියා ෆැක්ටරි‘ නම් ප්‍රචාරක ආයතනයට ලබාදුන් බවට වෙබ් අඩවියක පලවී ඇති වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී නීතිඥ ශ්‍රීරාල් ලක්තිලක පවසයි.

වෙබ් වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ලක්තිලක මහතා පැවසුයේ, 'ග්‍රාම ශක්ති' වැඩසටහනට චතුරිකා සිරිසේනගේ කිසිඳු ආකාරයක සම්බන්ධයක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි ධර්මශ්‍රී  පවසා ඇත්තේ මෙම උත්සවයේ ප්‍රචාර කටයුතු මෙන්ම වේදිකාව හා ඊට අදාල සියලු සැරසිලි පවා කලේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් බවයි.

'ග්‍රාම ශක්ති' වැඩසටහනට අදාළ රුපවාහිනී දැන්වීම පමණක් පෞද්ගලික ආයතනයක් ලවා නිර්මාණය කර ගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් තබා තිබූ සටහන පහත දැක්වේ.

 

සඳරැවන් උසි උසි-ඊ නිව්ස් දඩ බල්ලා නැවතත් ලිහා දමයි !

ග්‍රාම ශක්ති ව්‍යාපාරය සමාජ ගත කල පමනින්ම රිදෙන තැන්වලට රිදි ඇති බව පසක් වි තිබේ. ලංකාවේ මෙතෙක් සිදුවු දැවැන්තම වංචාව වු බැඳුම්කර මගඩිය පිලිබඳව වගක් නොවු ගනනට සිටිනා සඳරුවන් සහ ඊ නිවුස් මඩගොරුවට ග්‍රාම ශක්ති වැඩසටහන නිසා බොහෝ රිදි ඇති සෙයක් පෙනේ. බැඳුම්කර කොමිසම දැමිම හා ඒ තුලින් රටේ සුදුකරපටි හොරැන් සහ ආර්ථික ඝාතකයන් හෙලිකිරිම හේතුවෙන් ජනාධිපතිතුමන් ගේ ලේ ඉල්ලා සිටින තක්කඩියන් ට එතුමන්ට සහ එතුමන් ගෙ දරැවන්ට පහර දිමට යොදාගන්නා දඩබල්ලා සඳරැවන් බව මෙම ප්‍රවෘතියෙන් මනා කොට තහවුරැ වන්නේය. ග්‍රාම ශක්ති ව්‍යාපාරය කිසිවිටෙකත් V2025 ට එරෙහි වන්නේ යයි කිසිවිටක කියා නැත. නමුත් දඩබල්ලාට කව්රැ හෝ කියා ඇත.එහි හරයට රිදි ඇති නිසා මා හටද පහර දෙන්නේය.එහි නිමාව හා ඉදිරිපත් කිරිම පිලිබඳව ද බොහෝ ලෙස රිදි ඇති බව පෙනේ. එම ව්‍යාපාරය සාර්තක විමෙන් බොහෝ වාසි ජනාධිපති තුමන්ට හා ජනතාවට බව දන්නා දඩබල්ලා ගේ ස්වාමි වරැන් ජනාධිපතිතුමන් දුර්මුඛකිරිම සඳහා ඔහු ගේ දරැවන් මේ සඳහා ඇද දමයි. අප වගකිමකින් පවසන්නේ ජනාධිපති තුමන් ගේ දරැවන් සහ ග්‍රාම ශක්ති ප්‍රචාරන වැඩපිලිවල අතර කිසිදු සම්බන්දයක් නොමැති බවය. අට පාස් මිහරකකු සමග ග්‍රාම ශක්ති වැඩපිලිවෙහි හරය පිලිබඳව තර්ක විතර්ක කිරිමෙන් පලක් නැත.අවැසි නම් පිටු පසින් සිට උසි උසි ගානා බල්ලා ගේ ස්වාමි වරැන්ට ඉදිරියට පැමින නිසි වාදයකට පැමිනෙන ලෙසත් දන්වනු කැමැත්තෙමු. එවිට එංගලන්තයේ ගම ගැනත් සෘජු විදෙශ ආයෝජන මත පවතින ප්‍රයෝජ්‍ය බාවයත් ගැන කථා කල හැකි වනු ඇත.

shirala

 

Search