මාස තුනට ශ්‍රී ලාංකිකයින් 75,000ක් විදෙස් ගතවෙලා

මාස තුනට ශ්‍රී ලාංකිකයින් 75,000ක් විදෙස් ගතවෙලා

මේ වසරේ ගත වූ මුල් මාස 3 තුළ ශ්‍රී ලාංකිකයින් 75,000කට

ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාලය තුළ පුද්ගලයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදෙස් ගතව ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.

ඉන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වේ.

ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු රැකියා සඳහා කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර එම සංඛ්‍යාව 17,793කි.

පෙර වර්ෂවලට සාපේක්ෂව මේ වසරේ මුල් මාස තුන තුළ දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පෙන්නුම් කර තිබේ.

රැකියා සඳහා දකුණු කොරියාව වෙත ලාංකිකයින් 2,374 දෙනෙකු ද, ඊශ්‍රායලය වෙත 2,114 දෙනෙකු ද රුමේනියාව වෙත 1,899 දෙනෙකු හා ජපානය වෙත 1,947 දෙනෙකු ද පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

මේ අතර රැකියා සඳහා විදෙස්  ගතවූ ශ්‍රී ලාංකිකයින් මේ වසරේ මුල් මාස 2 තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 963.8ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළේය.

(A da derana)

Search