ගෝලීය ජනගහනයෙන් බිලියන 2.2ක් දරුණු ජල හිඟයකට
මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.
එක්සත් ජාතීන් අවධාරණය කරන්නේ ජල හිඟය ලොව පුරා ගැටුම් උත්සන්න වීමට ද හේතුවක් විය හැකි බවය.
එමෙන්ම බිලියන 3.5ක පිරිසකට ආරක්ෂිත සනීපාරක්ෂණ පහසුකම් සපයා ගැනීමේ හැකියාව ද නොමැති බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.
බිලියන ගණනකට බලපා ඇති ජල හිඟයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ, කාන්තාවන්ට සහ ළමයින් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.
වාර්තාවට අනුව ගෝලීය ජල හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අප්‍රිකානු කලාපීය රටවලට ය.
ඒ අනුව අප්‍රිකානු රාජ්‍යයන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටින බව වාර්තා වේ.
ලොව රටවල් 153ක් ජල සම්පත් හවුලේ පරිභෝජනය කරන බව විදෙස් වාර්තා පවසයි.
එනමුත් සහයෝගයෙන් ජල සම්පත් පරිභෝජනයට ගිවිසුම් ගත වි ඇත්තේ රටවල් 24ක් පමණී.
ඒ අනුව, පවතින තත්ත්වය හමුවේ ලොව පුරා ගැටුම් තීව්‍ර විමේ අවදානමක් ද පවතින බව එක්සත් ජාතීන් අවධාරණය කරයි.
(Ada derana)