රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දීමක් හෝ එකඟ වීමක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර
කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බවත් ඔහුගේ සහ රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ගොඩ නැගෙන ආණ්ඩුවකට අනෙක් කණ්ඩායම්වල සහය දැක්වීමක් පමණක් බවත් එහිදී ඔහු අවධාරණය කළේ ය.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අද (3) ජනාධිපතිවරයා කළ කතාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.