"ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්" අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍යට ප්‍රකාශයක් කරමින්
ඊයේ (14 )පැවසීය.
“අද අපි ඉන්ධන අඛණ්ඩව ලබාදෙන්න තීරණය කළා. අඛණ්ඩව ලබාදෙන්න පුළුවන් දැන් තියෙන ඉල්ලුමෙන් 50%ක් ලබාදෙනවා නම් පමණයි. ඒකෙත් ප්‍රමුඛතාවය දෙනවා විදුලිබල නිෂ්පාදනයට, ප්‍රවාහනයට, තවත් අත්‍යාවශ්‍ය සේවා ගණනාවකට. මේ අනුව දැන් තියෙන තොග ප්‍රමාණය දවස් 7කට අපට යොදවා ගන්න පුළුවන්. මේ මාසේ 16 වෙනිදා ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් ගෙනෙන නැවක් ලංකාවට පැමිණෙනවා. මේ අනුව දැනට මාසෙ අන්තිම වෙනකල් නිශ්චිතව නැව් ලබාගෙන තියෙනවා. ඊළඟ මාසයටත් අපි දැන් නැව් දෙකක් ලබාගන්න ක්‍රියා කරගෙන යනවා. ඊටපස්සේ ඉන්දියානු අලුත් ගිවිසුම අත්සන් කළාම ක්‍රෙඩිට් ලයින් එක, අපට මාස හතරකට ඇත්ත වශයෙන්ම ඉන්ධන තිබෙනවා. ඒත් මේ සියල්ලම අපි දෙන්නේ 50%ක පදනම අරගෙන තමයි”