වාහන හිමියන්ගේ ගැටළු විසඳන්න ආණ්ඩුවට සති 2ක කාලයක් (VIDEO)

ප්‍රවාහන වෘත්තිකයන්ට ඉන්ධන ලබාදීමේ විධිමත් වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවත්, මෙම වසර අවසානය තෙක් වාහනවල ලීසිං වාරික ගෙවීම අත්හිටවිමේ

වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් ගෙන ආ යුතු බවත් සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය අවධාරණය කරනවා.

පවතින ගැටලුවලට සති දෙකක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් අද (14දා) සිට දින 14කට පසු සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව එම සංගමයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ ප්‍රකාශ කර සිටියේ ය.

පවතින ඉන්ධන අර්බුදය නිසා වෘත්තිකයන්ගේ වාහනවලින් 20%ක් හෝ දෛනිකව ධාවනය කර ගැනීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා ලිසිං වාරික ගෙවීමට වත්කමක් නොමැති බවත් සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය පෙන්වා දෙන අතර තම සංගමය යටතේ ලියාපදිංචි වී සිටින ලක්ෂ 15ක් පමණ වන ප්‍රවාහන සංගම්වල සාමාජිකයන්ට අයත් වාහනවල ලීසිං වාරික හා වාහන මිලදී ගැනීමට ලබාගත් බැංකුවල වාරික ගෙවීම නවතා දැමූ බව එහිදී ප්‍රකාශ විය.

Search