ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ වාරණ නියෝගයක් පැනවුණු රුසියානු Aeroflot ගුවන් සේවාවට අයත් ගුවන් යානයට අදාළ
ගැටලුවට ශ්‍රී ලංකා රජය හෙට දිනයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
කොළඹ වාණිජ මහාධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේ, පසුගිය 02 වැනි දායි.
මේ අතර රුසියානු Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් රුසියානු බලධාරීන් වෙත දන්වනු ලැබ තිබේ.
මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අදාළ දැනුවත් කිරිම සිදුකර ඇත.
රුසියානු Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පෞද්ගලික නීතිමය ගැටලුවක් වන බව ත් ඒ පිළිබඳ වන අධිකරණ කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර ඇති බව ත් අග්‍රාමාත්‍යවරයා රුසියාවට දැනුම් දී තිබේ.
මේ අතර, Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ද සාකච්ඡා කරමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් අධිකරණය අවසන් තීරණයක් ගෙන නොමැති බව ය.