නාකි මයිනන්ට කියන්නේ උඹලගේ චණ්ඩිකම්වලට අපි බය නෑ - හරින් (VIDEO)

ගෝඨා ඇතුළු නාකි මයිනන්ගේ චණ්ඩිකම්වල අපි බය නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසනවා.

 

සමගි ජන බලවේගය විසින් කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කර තිබු මැයි දින රැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

රැලිය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුණු අතර එම අවස්ථාවේ දී හරින් මන්ත්‍රීවරයාගේ සරම කඩා දැමීමට ෆොන්සේකා මන්ත්‍රීවරයා උත්සහ කර ඇති බවට පැවසේ.

"සමහර චණ්ඩි ආසයි සරමෙන් උස්සන්න. එහෙම හරි කමක් නෑ," යැයි හරින් මන්ත්‍රීවරයා රැලිය අමතමින් වැඩිදුරටත් කියා සිටියේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා දෙස බලමිනි.

Search