රටේ ආර්ථිකය ගැන රනිල් ගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

ඉන්දියාවෙන් ලැබුණු මුදල් ද මැයි මාසයේදී අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන බවක් තවමත් පෙනෙන්නට නැති බැවින් ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී

ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණෙනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

මැතිවරණ පැවැත්වීමට මේ අවස්ථාව සුදුසු නොවනබව පවසන හිටපු අගමැතිවරයා, ඒ බැවින් පාර්ලිමේන්තුව මුල්‍ය බලය අතට ගෙන කැබිනට් මණ්ඩලය සමගත්, ඒ වගේම තරුණ හඬ සමගත් එකට එකතුවී වැඩකළ යුතු බවට යෝජනා කර සිටියි.

''අපේ ප්‍රධානම ප්‍රශ්න රටේ ආර්ථිකයයි. ගෙදර ආර්ථිකයයි. ආහාර ලබා ගන්න ඉන්ධන ලබා ගන්න ගෑස් ලබා ගන්න බෙහෙත් ලබා ගන්න පෝර ලබා ගන්න. මේ ප්‍රශ්න විසදන්න තියනවා. මැයි මාසේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් අවසාන වෙනවා. අලුතෙන් ණය ලබන පාටක් තවම අපට පෙනිලා නෑ. එහෙම නිවේදන නෑ.

ආර්ථික ප්‍රශ්න තවත් උග්‍ර වෙලා විශේෂයෙන් ම ව්‍යාපාර කඩසාප්පු සියල්ලම වහන තත්ත්වකට එන්න පුලුවන්. එහෙනම් මේ ප්‍රශ්නෙ අපිට කල් දාන්න බෑ. මේ ප්‍රශ්නෙ මේ පාර්ලිමේන්තුවේදීම විසදන්න ඕනේ. මැතිවරණ තියන්න වෙලාවක් නෑ.

ඒ නිසා පාර්ලිමේන්තුව මූල්‍ය බලය අරගෙන කැබිනට් මන්ඩලය සමගත් ඒ වගේම මේ තරුණ හඬ සමගත් එකට එකතු වෙලා වැඩකරන යොජනා කිහිපයක් මම එදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කලා."

 

 

Search