තරුණයන්ගේ ජන අරගලයට සහභාගී වීම සදහා තමා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බව, සම්මානනීය නළු හිරාන් අබේසේකර මහතා අද (18) දින
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවසීය .
ඔහු පසුගිය දා එංගලන්තයේ දී ඔලිවර් සම්මානය දිනා ගැනීමට සමත් වූවේය. තමන් මේ වනවිට එංගලන්තයේ ස්ථිර පදිංචිකරුවෙකු වන බවත් , තමන්ට ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ ජන අරගලය පිළිබඳව දැන ගැනීමට ලැබුණ බවත් , ඒ අනුව එයට සහාය දීම සදහා පැමිණි බවත් හිරාන් අබේසේකර මහතා පැවසීය .
ඒ අනුව තමන් කටුනායක ගුවන් තොටුපළේ සිට කෙලින්ම කොළඹ ගෝල්ෆේස් පිටිය බලා පිටත්ව යන බවත් , තමන් මෙම ශ්රී ලංකාව තුළ දින 06 ක් රැදී සිටිමින් මෙම අරගලයට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් පැවසීය .
හිරාන් අබේසේකර මහතා අද (18) දින දහවල් 12.40 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්රීඅ ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළු නිළියෝ පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටියහ .