මේක තමයි System Change එකට හොඳම අවස්ථාව - ජනපතිගෙන් තරුණ තරුණියන්ට ඉල්ලීමක් (VIDEO)

වර්තමාන අර්බුදකාරී තත්වය ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක් යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ පවසනවා.

 

නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්ථාව ලැබී ඇති බවත් ඊට උපකාර කරන මෙන් තමන් තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා කියා සිටියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එම අමාත්‍යවරුන් අමතා ප්‍රකාශයක් කරමිනි.

අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් උපරිමයෙන් කැපවී වැඩ කරන ලෙසත් අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැප වන ලෙසටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

 

Search