ඔව් මම 69 ලක්ෂයේ හිටපු කෙනෙක් - සංජීවනිගෙන් ප්‍රකාශයක් (VIDEO)

තමන් 69 ලක්ෂයේ හිටපු කෙනෙක් බවත් රට හදාවියි බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂට දුන් නමුත් මිනිස්සු දුක් විදිනවානම් ආණ්ඩුවට සහය

නොදෙන බවත් ප්‍රසිද්ධ ගායන ශිල්පිනි සංජීවනී වීරසිංහ පවසනවා.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැති විරෝධතාවකට එක්වෙමින් ඇය මේ බව පැවැසීය.

“මම කවුරුත් අහන 69 ලක්ෂයේ හිටපු කෙනෙක්. අපි ගොඩක් විශ්වාසයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට වැඩ කළා. ශ්‍රී ලාංකිකයන් විදින දුක ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අපි කවුරුත් එකතු වෙනවා. මට තියෙනවා එක දෙයක් කියන්න මේ වෙලාවේ පක්ෂ, පාට පටු අරමුණු ලංකර ගන්නේ නැතිව අපි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කථා කරන්න ඕන.

ඊට පෙරාතුව මම කිසිම දේශපාලන පක්ෂයකට සහාය දීලා නෑ. ප්‍රජාතන්ත්‍රවායද අනුව රටට යහපතක් කරයි කියලා හිතන පක්ෂයට අපි සහාය දුන්නා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ කියලා දැනෙන කොට ඒකට විරුද්ධ වෙන්නත් අපිට අවස්ථාව තිබෙනවා.

සමහරු ඉන්නවා මේ අය පොහොට්ටුවට උදව් කළේ අපිට එකතු වෙන්න ඕන නෑ කියලා හිතන. නමුත් ඒක ගණන් ගන්නේ නැතිව මම ආවේ ශ්‍රී ලාංකීය මහජනතාව නියෝජනය කරන අයෙක් හැටියට දැනට පවතින පොහොට්ටුවේ රජයට මගේ අප්‍රසාදය පළ කිරීමට.

මේ පවතින රජය අසීමිත බලය අවභාවිත කරපු හැටි මිනිස්සු තැලුන පෙලුණ හැටි මගේ අප්‍රසාදය තිබෙනවා. දැන්වත් රටේ මිනිස්සු ගැන හිතලා ක්‍රමවේදය වෙනස් විය යුතුයි. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දේ දුන්නේ රට හදන්න. ඒකට ද්විත්ව පුරවැසියන් ඇවිල්ලා රටේ වගකිවයුතු අමාත්‍යධුරය අරගෙන රටේ ආර්ථිකය විනාශ කරනවානම් මිනිස්සු දුක් විදිනවානම් ඒකට සහාය දෙන්නේ නෑ. අපි කොයි වෙලාවෙත් ශ්‍රී ලාංකේය ජාතිය සමගයි. මේ වෙලාවේ එක එක්කෙනාට ඇඟිලි දිගු කරනවාට වඩා අපි එක් ජාතියක් ලෙස එක්විය යුතුයි”

ශ්‍රී ලංකාවේ පවතින දූෂිත පාලනයට එරෙහිව ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් සංවිධානය කළ මෙම විරෝධතාවයට එක්වීමට පැමිණි ඇයට එතනින් ඉවත් වන ලෙස පවසමින් ජනතා අප්‍රසාදය ද එල්ල වනු දක්නට ලැබුණි.

Search