මෙතරම් ආර්ථික අර්බුදයක්, ව්‍යසනයක්, අහේනියක් රටේ ඇතිවී තිබුනත් මුදල් ඇමතිවරයා ජනාධිපති අයියගේ බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව තඹ
සතේකට ගණන් ගන්නේ නැතිව සිටින බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ඉන්දියාවෙන් , චීනයෙන් සල්ලි ගන්න විට කිසිම කොන්දේසියක් නැති බව ආණ්ඩුව කිව්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් රහසිගත යෝජනා මාලාවක් දී තිබෙන බව බැසිල් රාජපක්ෂ පවසා තිබෙන බව කී මන්ත්‍රීවරයා මේ යෝජනා කුමක්දැයි පාර්ලිමේන්තුව දැනගත යුතු බවද සඳහන් කළේය.