සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් - හර්ෂ (VIDEO)

සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

 

අද (24) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ ය.

''රාජ්‍ය මුදල් කාරක සභාවට අද මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එන්න කියල තිබුණා. ඒත් අන්තිම මොහොතේ ෆැක්ස් එකකින් කියනවා එන්න බැරිලු. මොවුන්ට සඳුදා එන්න කියලයි මුලින් කියල තිබුණේ. පස්සේ බැහැ කියපු නිසා අද එන්න කිව්වා.

කලින් එන්නම් කියලා අද පොල්ල තිබ්බා. රටේ මුදල් කළමනාකරණයේ ඉහළම තැන තමයි රාජ්‍ය මුදල් කාරක සභාව. පාර්ලිමේන්තුවට මුදල් සම්බන්ධ දේවල් දාන්නෙත් මේ කාරක සභාවේ මුලින් සාකච්ඡා කරලා.

රාජ්‍ය මූල්‍ය වගකීම ව්‍යවස්ථාවෙන්ම ලබාදීල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට නෙවෙයි. කබ්රාල්ලා මෙහෙම පොලු තියනව නම් මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්?''

 

Search