සමාජවාදී තරුණ සංගමය මගින් ඇරැඹු උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවේ නියැලී
සිටිති.
තෙල් පෝලිම් තවත් එපා!, ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු!,රට රැකීමට දේශප්‍රේමී තරුණ තරුණයින් එක්වවු!,
තොපි සෙල්ලම් කරන්නේ අපේ අනාගතය එක්කයි, රටේ සම්පත් විකුණන ආණ්ඩුව ගෙදර යනු! ආදී සටන් පාට රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්දියේ සිට විරෝධතා පාගමණින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර මේ වනවිට එහිදී විරෝධතා රැලිය පැවැත්වෙමින් තිබේ.