පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය වෙනුවෙන් - කාදිනල් හිමි මිචෙල් බැචලේ හමුවෙයි ! (VIDEO)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය වෙනුවෙන් - කාදිනල් හිමි මිචෙල් බැචලේ හමුවෙයි ! (VIDEO)

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලේ මුණ ගැසී

තිබෙනවා.

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි කොළඹ සහායක රදගුරු ඇති උතුම් ජේ ඩි ඇන්තනි හිමිපාණන් ප්‍රකාශ කළේ.

මෙම හමුව විනාඩි 45 ක් පැවති බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ කිරීම සම්බන්ධයෙන් ඇයගේ අවදානයට යොමු කිරීම එම හමුවේ අරමුණ වූ බවත් උන්වහන්සේ මාධ්‍ය හමුවේ පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයේ වින්දිතයින්ට දේශීය වශයෙන් සාධාරණය ඉෂ්ඨ නොවන පසුබිමක මෙය ජාත්‍යන්තරයට අරන් යන බව කතෝලික සභාව මීට පෙර පවසා සිටියේය.

Search