දුෂණය රජයන සමාජයක වෘත්තිකයන් අන්ත අසරණභාවයට පත්වන බවත්, දේශපාලන නායකත්වය දුර්වල වූ විට වෘත්තිකයන් සෑම අතකින්ම සිරවෙන
බවත් මහාචාර්ය ලියනගේ අමරකිර්තී පවසනවා.
අද වනවිට මහ බැංකුවේ අධිපති ගැන පැවසූ විට ලොකු හොරෙකුගේ චිත්ත රූපයක් ඔලුවට එන්නේ මෙරට අග සිට මුල දක්වාම එවැනි තත්වයට ඇද වැටි ඇති නිසා බවයි ඊයේ (13) පැවැත්වුණු ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ය.