සජබ එක්ක යනවද නැද්ද ? මෛත්‍රීගෙන් පිළිතුරු (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිම පක්ෂයක් සමඟ සන්ධානගත වීමේ කිසිදු සූදානමක් නැති බව එම පක්ෂයේ සභාපති හිටපු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

මාධ්‍යවේදියකු ඒ පිළිබඳ විමසූ පසු හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,

"ඒවා බොරු. ඒවා අමූලික බොරු. අපි එහෙම ඒවා සාකච්ඡා කරලත් නැහැ. තීන්දු කරලත් නැහැ. ඒවා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.

කිසිම දේශපාලන පක්ෂයක් එක්ක අපි සාකච්ඡා කරලත් නෑ. පක්ෂේ අභ්‍යන්තරයේ සාකච්ඡා කරලත් නෑ. තීන්දුවක් අරගෙනත් නෑ. ඕවා ඔක්කොම අපිට විරුද්ධව හදන කතන්දර," යනුවෙනි.

Search