චීනය අපගේ කල්‍යාණ මිත්‍රයෙකු බවත් ඉතිහාසයේ කොතැනකවත් අපි අතර සිත් පළුඳු වීම් සිදුව නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අගමැතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 65ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යීගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය නගරයේ ඊයේ (09) පැවැති උත්සව අවස්ථාව අමතමිනි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙහි දී කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස මං තීරුව මහ ජනතාව සඳහා විවෘත කිරීමට එක්ව සිටිය හ.
අගමැතිවරයා සිදු කළ කතාව පහතින්,