අපි අපේ දරුවන්ට උදාකර දෙන්නේ පසුගාමී සමාජයක් ද ? - ඉම්තියාස් බාකීර් (VIDEO)

කඩතුරා ඉරා දමා වෛරී ප්‍රකාශ පිටුපස ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන බලවේග කවරේද යන්න වටහා ගත යුතු බවත් එසේ නොකිරීමෙන් අපි අපේ දරුවන්ට

පසුගාමී සමාජයක් උරුම කර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් ප්‍රකාශ කරනවා.

"අපි දර්ඝා ටවුන්වල දැක්කේ ඒක. අපි දිගන දැක්කේ ඒක. ඒක සිදුවුනහම අපේ මිනිස්සු කිව්වා ඒ අදෘෂ්‍යමාන හස්තයන් හොයන්න හා මොළකරුවො හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා. ඒවා හිස් වචන විතරයි. භාවිතයේ ඒව නෑ. තවමත් අපි විපාක විඳිනවා. මෙහෙම යන්න අපට පුළුවන්කමක් නැහැ."

"මේ වෛරය වපුරන උදවිය මේ සෙල්ලම් කරන්නේ අපේ දරුවන්ගේ අනාගතයත් එක්ක. ආණ්ඩුවේ මාධ්‍ය බලන්න, ආණ්ඩුවට අවනත මාධ්‍ය බලන්න ඔවුන් මේවාට වැඩි අවධානයක් දෙනවා. මේවා නතර විය යුතුව තිබෙනවා. මේවාට නීතිය ක්‍රියාත්මක වියයුතුව තියෙනවා. අපි මොන ආගම් ඇදහුවත්, මොන ජාතියේ උදවිය වුනත්, අපි මොන කුලයේ උදවිය වුනත්, අපි මොන පංතියේ උදවිය වුනත් අපි එක ජාතියක්, එක පංතියක් එක රටක් කියන තැනට යා යුතුයි."

Search