පාර්ලිමේන්තුව ඇතුලේ නැති විනය එළියේ හදන්නේ කොහොමද ? (VIDEO)

පාර්ලිමේන්තුව ඇතුලේ නැති විනය එළියේ හදන්නේ කොහොමද ? (VIDEO)

පාර්ලිමේන්තුව ඇතුලේ 225 දෙනා හැසිරෙන ආකාරය සහ එකිනෙකාට ගරු කරන ආකාරය කෙරෙහි ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බව කියා

සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුව තුල විනයක් පවත්වාගෙන යාමට නොහැකි නම් ඉන් පිටත විනයක් හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු රටේ නීතියට උඩින් ඉන්නා පිරිසක් නොවන බව එහිදී ඇය අවධාරණය කළා ය.

අද (23) අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවෙි දී කාන්තාවන්ට හිංසාකාරී අයුරින් ලෙස සලකන පුද්ගලයන් මෙන්ම ඊට අනුබල දෙන අයත් පාර්ලිමේන්තු ගරුත්වය කෙළෙසෙන්න බවයි.

Search