පාර්ලිමේන්තු සභාවේ තමා නොසිටි දිනෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි විසින් තමාටත් සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායකවරයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාසටත් අපහාසවන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළ හෙයින් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කවිරත්න කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලා සිටියා ය.
ඇය මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
තමා මේ සම්බන්ධයෙන් හෙට (23) ප්‍රකාශයක් නිකුත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී දැනුම් දුන්නේය.