සුද්දන්ගේ කාලයේ ක්‍රියාත්මක කළ බද්දක් 2022 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට තරම් මේ රටේ සිටින පළාත් පාලන බලධාරීන් අමන වී ඇති බවත් මේ වනවිට
මාධ්‍යවේදීන්ට මාධ්‍ය හැසිරවීමට සිදුවී ඇත්තේ පෙර අවසර ගෙන බවත් මාධ්‍යවේදී සරත් එරමිණිගම්මන පවසනවා.
ඔහු ඒ බව කියා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
දඹුල්ල මහ නගර සභාව විසින් 2022 වර්ෂයේදි බදු අයකරගැනිමට අදාල ක්‍රමවේදයට අනුව 2022 ජනවාරි සිට නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුනකයින් සදහා බලු බද්දක් යෝජනා කරමින් ඉදිරිපත්කල පත්‍රිකාව ඇසුරු කරගෙන ඒ පිලිබදව මාධ්‍ය වාර්තා පල කිරිම පිලිබදව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව විසින් විමර්ශන අරඹා ඇත්තේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සිදුකල පැමිණිල්ලක් අනුව ය.
ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් තිදෙනෙකුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විශේෂ විමර්ෂණ ඒකකයේ පෙනි සිටින ලෙස දඹුල්ල පොලිසියේ ස්ථානාධිපති මගින් කැද වීම් කර තිබුණි.
මෙසේ කැදවීම් කර ඇත්තේ විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් වාර්තා කරුවන් තිදෙනෙක වන මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර යන මාද්‍යවේදින් තිදෙනාට ය.