වැරදි තැන් වැරදි ලෙස දකිමින් හරි දේ නිවැරදිව මතු කරගනිමින්, රටත් ජාතියත් ඊළඟ ශත වර්ෂයට සූදානම් කිරීමේ ප්‍රධාන අංගයක් වන එක රටක් තුල එක
නීතියක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු, එහි සාමාජිකයන් ද සමඟ එකතුව නොපිරිහෙලා ඉටු කිරීමට තමන් වහන්සේ අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.
එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාර්ය භාරය පිළිබඳ අද (1) පැවති ප්‍රථම මාධ්‍ය හමුවේ දී ඥානසාර හිමි දැක්වූ අදහස් පහතින්,