පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අනිවාර්යෙන්ම ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා
සිටිනවා.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ප්‍රදානය කිරීම සඳහා කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී ඊයේ (28) පැවැත්වුණු උත්සව අවස්ථාවට එක්වෙමිනි.