වැඩිහිටි සිනමාවක් රටට අවශ්‍යයි : කලාව වාරණයට එරෙහිව දොළවත්ත නැඟි සිටියි (VIDEO)

වැඩිහිටි සිනමාවක් රටට අවශ්‍යයි : කලාව වාරණයට එරෙහිව දොළවත්ත නැඟි සිටියි (VIDEO)

වැඩිහිටි සිනමාවක් රටට අවශ්‍ය බවත් වාරණ පැනවීමකින් තොරව වැඩිහිටි සිනමාවක අවශ්‍යතාවය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම සිදු කළ යුතු බවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත පවසනවා.

ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ අන්තර්ජාතික තරගකාරී අංශයට තේරී පත්වුණු අශෝක හඳගමගේ "ඇල්බොරෝදා" සහ සංජීව පුෂ්පකුමාරගේ "ආසු" යන චිත්‍රපට ගැන අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

"අද වෙනකොට ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ අන්තර්ජාතික තරගකාරී අංශයට අශෝක හඳගම මහතාගේ "ඇල්බොරෝදා" සහ සංජීව පුෂ්පකුමාර මහතාගේ "ආසු" කියන චිත්‍රපටි දෙක තේරිලා තියෙනවා. ඉතිං මම ඒ අයට සුභාශිංසන එක් කරනවා. විශේෂයෙන් මම හිතනවා අර සංස්කෘතික පොලිසියේ පිහිතුඩුවලට කැපිලා මේ චිත්‍රපටි අපේ රටේ ප්‍රදර්ශනය කරන්න බැරිවෙන විදියට නොයෙක් ඊනියා සංස්කෘතිකවාදීන්ගේ තර්ජනවලට හසු නොවේවි කියලා මං විශ්වාස කරනවා. මොකද මේක ජාත්‍යන්තරය දිනපු අවස්ථාවක්, ජාත්‍යන්තරයේ වැජඹෙච්ච අවස්ථාවක්. ඉතිං අපි රටක් හැටියට සංස්කෘතිය හා කලාව කියන දේවල් එක්ක ඉස්සරහට යනකොට ගොඩක් දේවල් අපි තහනම් කරනවාට වඩා අවබෝධයෙන් යුතුව වැඩිහිටි සිනමාවක්, වැඩිහිටි සිනමාවක අවශ්‍යතාවයක් තියෙනවා කියලා මතක් කරමින් කලාවත් එක්ක වාරණය පැත්තකට දාන්න පුළුවන් සමාජයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය මතක් කරමින් අද සුවිශේෂී කාරණාවක් තමයි මේ රටේ සිද්ධ වෙන්නෙ ...."

Search