දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක් හෝ දීර්ඝ කළයුතු බව
කොවිඩ් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු කණ්ඩායම සොයාගෙන ඇති පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම 14% ක් බවත් එය සාමාන්‍යයෙන් සමාජයේ කොවිඩ් රෝගය පවතින ප්‍රමාණය මෙන් නව(9) ගුණයක් බවත් ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා.
මේ තත්වය මත කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක් දීර්ඝ කළ යුතුයි යන්න ආණ්ඩුවේ මතය නොව තමන්ගේ පුද්ගලික මතය බවයි ඇය වැඩි දුරටත් කියන්නේ.