අපි දැනගත්තා අපරාධයක් වෙන්න යන්නේ කියලා - ජොන්ස්ටන් (VIDEO)

අපි දැනගත්තා අපරාධයක් වෙන්න යන්නේ කියලා - ජොන්ස්ටන් (VIDEO)

දිනක දී වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 160ත් ඉක්මවා ගොස් ඇති බවට මාධ්‍යවේදියකු විසින් නැගු පැනයක දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් විපක්ෂයට චෝදනා එල්ල කර සිටියේ ය.

අමාත්‍යවරයා දොස් පවරමින් කියා සිටියේ විපක්ෂයට උවමනා කරන්නේ මෙය බවයි.

 

මාධ්‍යවේදියා : දැන් මරණ 160ත් පැනලා.. ආණ්ඩුවේ නෙවෙයි ඔබතුමාගේ මතය මොකක්ද?

අමත්‍යවරයා : මගේ මතයක් නෙවෙයි මං ආණ්ඩුවෙනේ. මගේ පුද්ගලික මතවල් මෙතන වැඩක් නැහැ. ඒක අපි දැනගත්තා. අපි දැනගත්තා මේ අපරාදේ වෙන්න යන්නේ කියලා. ඒ අපරාදේ වෙන්න යනකොට ඔවුන් කෙරුවේ.. මේ දේශපාලන වශයෙන් අපි ඔවුන්ගේ උද්ඝෝෂණ නතර කරන්න හදනවා කියලා. ඒකනේ ඔවුන් කෙරුවේ.. අදටත් කරන්නේ ඒකයි. මේක අලුත් දෙයක් නෙවෙයි. රටේ ජනතාවට අපි කියන්නේ මේ තමයි විපක්ෂෙට ඕන වෙච්ච දේ.

 

Search