ඩෙල්ටා ප්‍රභේදයට වඩා වත්මන් ආණ්ඩුවේ උද්දච්ච ප්‍රභේදය, ලැජ්ජා නැති ප්‍රභේදය සහ මරිමෝඩ ප්‍රභේදය භයානක බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු
මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
ඒ, අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ලක්ෂ 30කට එන්නත් දුන් බව පැවසුවද එය සිදුව ඇත්තේ ප්‍රමුඛතා අනුපිළිවෙලකට නොවන බව හෙළිවෙමින් ඇති බවත් එන්නත්කරණ ප්‍රමුඛතාව අනුව වැඩිහිටියන් ආවරණය කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වී තිබීමෙන් එය වඩාත් තහවුරු වන බව මන්ත්‍රීවරයා පවසනවා.