සිරගෙවල් හතක හරි යන්න අපි සූදානම් : ගොවි ජනතාව වෙනුවෙන් සටන නවත්තන්නේ නැහැ (VIDEO)

සිර ගෙවල් හතක දැමුවද මෙරට ගොවි ජනතාව මුහුණ දී සිටින අර්බුදයට විසඳුමක් ලබාදෙන තෙක් ආණ්ඩුවට එරෙහිව කරගෙන යන සටන නොනවත්වන

බව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සමන්ත විද්‍යරත්න පවසනවා.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් විරෝධතාවයක් පැවැත්වීම නිසා අද (7) දින අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

ගොවීන් මුහුණ දෙන පොහොර ගැටළුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල – බෝරලන්ද ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වන සමන්ත විද්‍යරත්න හා නාමල් කරුණරත්න ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර තිබුණි.

 

Search