ජනතා ගැටලු වෙනුවෙන් පෙනී ඉන්න එක වැරද්දක් ද ? අනුර පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)

කොවිඩ් වසංගත අවදානම මැද සම්බාහන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබාදෙන ආණ්ඩුව ජනතා ගැටලු සම්බන්ධයෙන් සාධාරණ උද්ගෝෂණ

පැවැත්වීමේ අයිතිය අහිමි කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගොවි ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජවිපෙ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ජවිපෙ නායකයා පවසනවා.

‍මේ වනවිට පොහොර නොමැතිවීම හේතුවෙන් රටේ බහුතර ගොවි ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවත්, නෞකාවේ ගැටලුව හේතුවෙන් ධීවරයන්ට ඔවුන්ගේ රැකියාවේ නිරතවීම අහිමි වී ඇති බවත්, මීට අමතරව රටේ සාමාන්‍ය ජනතාව විවිධ ආර්ථික ගැටලුවලට මුහුණදී‍ සිටින බවත් පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ ඔවුන්ට සිය ගැටලු වෙනුවෙන් විරෝධතා පැවැත්වීමේ අයිතියද අහිමි කරමින් තිබෙන බවයි. ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම වෙනුවට ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ ජනතාව මර්දනය කිරීම බවද ඔහු පවසනවා.

ජනතා ගැටලු වෙනුවෙන් පෙනී සිටින පුද්ගයන් මර්නදය කිරීම සිදුවෙද්දී අනෙක් පැත්තෙන් දැවැන්ත මාධ්‍ය මර්දනයක්ද ආරම්භ කර ඇති බව අනුර දිසානායක මහතා පවසනවා. ජනතා ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි ආණ්ඩුව, ජනතාවගේ අරගලවලට, සටන්වලට මුහුණ දිය නොහැකි ආණ්ඩුව, අද එම ජනතා ගැටලු සමාජගත කරන මාධ්‍ය ආයතනය මර්දනය කිරීමේ උත්සාහයක නිරත වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Lanka News Web

Search