ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ කොවිඩ් එන්නත් සම්බන්ධ උපදේශන විශේෂඥ කමිටුවෙන් ඉල්ලා අස්වී
ඇති බව වාර්තා වේ.
ඇය පසුගිය සතියේදී එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන් වන අතර මෙම කමිටුවේ සාමාජිකයකු වූ රාගම වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් ද මීට සති දෙකකට පෙර ඉන් ඉල්ලා අස්වී තිබිණි.