එන්නත්කරණය පරක්කු වුණේ විපක්ෂය නිසා : ගංවතුර වගකීම දේවානිට - ලංසා (VIDEO)

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති ගංවතුර තත්වය සඳහා වගකිව යුත්තේ ක්‍රමවත්ව සැළසුම් කර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ සැළසුම් වෙනස් කිරීමට බලපෑම් සිදුකළ පුද්ගලයන්

බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා.

එක්තරා කාන්තාවක් දිගින් දිගටම සිදුකළ බාධා කිරීම් හමුවේ සැළසුම් කළ කාලසීමාව තුළ ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නොහැකි වූ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

අදාල කාන්තාවගේ බාධා කිරීම් සිදු නොවූවා නම් අදාල ප්‍රදේශවල ඇල මාර්ග පිලිසකර කර, සියලු සංවර්ධන කටයුතු සමග අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කිරීමට ඉඩ තිබූ බවද ඇමතිවරයා පවසනවා.

කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදිවන අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් කුලුණු මත ගමන් කරන බැවින් ඉන් ගංවතුර ඇතිවීමට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, පරිසරයට සිදුවන හානිය අවම කර ගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

 

Search