රට ආරක්ෂා කරනවයි කියලා බාර ගත්ත කණ්ඩායම රට විනාශ කරනවා - කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් (VIDEO)

රට ආරක්ෂා කරනවා කියමින් පාලනය බාර ගත්ත කණ්ඩායම රට විනාශ කරන

මාවතකට ඇද දමමින් සිටින බවට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් චෝදනා කර සිටිනවා.

රට කොහාට ද යන්නේ? කවුද පාලනය කරන්නේ? කවුද තීරණ ගන්නේ කියන තත්වය පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් මතුව ඇතැයි කාදිනල් හිමියන් අවධාරණය කරනවා.

මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් උන්වහන්සේ පාස්කු ප්‍රහාරය, රටේ භුමිය විදෙස් රටවලට විකිණීම, ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව, කොවිඩ් වසංගතය නිසා රටේ මතුව ඇති අර්බුධකාරී වාතාවරණය ගැන අදහස් දැක්විය.

"රටේ තියන සියලු සම්පත් විකුණන්න නගර සංවර්ධන අධිකාරියක් නෙවෙයි අපි ඡන්දයෙන් පත් කරගත්තේ. අපි පත්කරගත්තේ දේශපාලනය කරන්න පුළුවන් නායකයෙක්. ඒ නායකයා එහෙම වැඩ කරනවා නම් අපිට ඒ නායකයා විශ්වාස කරන්න බැහැ."

 

Search