වස්තිගේ 'ලයිට් උපාලි' වීඩියෝවේ මංගල මොකද කරන්නේ? වීඩියෝව අන්තර්ජාලයට (VIDEO)

වස්ති ප්‍රඩක්ෂන් (Wasthi Productions) විසින් නිෂ්පාදිත 'ලයිට් උපාලි' වීඩියෝව අද (19) පස්වරුවේ අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

ප්‍රවීන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් යුතුව නිෂ්පාදනය කර ඇති මෙම වීඩියෝව අවසාන භාගයේ ප්‍රකට දේශපාලකයකු වන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ද පෙනී සිටියි.

මෙම වීඩියෝව අන්තර්ජාලය වෙත නිකුත් කර පැයක් පමණ ඇතුලත දී ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් නරඹා ඇති අතර "ආලෝක උපාලි" ලෙස නම් කර තිබූ ඊට අදාළ පූර්ව ප්‍රචාරකපටය ද විශාල ප්‍රතිචාර ලැබුණි.

 

Search