අත්අඩංගුවේ පසුවන නවුෆර් මව්ලවි නැමැත්තා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු බව ඇමරිකාවේ එෆ් බී අයි ආයතනයද තහවුරු කර ඇතැයි අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කරනවා.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා පසුගියදා සිදුකර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කියා සිටියේ ය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමේ යම් ප්‍රමාදයක් පවතින්නේ නීතියේ හිඩැස්වලින් රිංගායාමට ඇති ඉඩ ඇහිරීම සදහා නිවැරදිව විමර්ශණ කටයුතු සිදුවෙමින් පැවතීම නිසා බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.