රට විශාල අර්බුදයක සිටින අවස්ථාවක මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීම පසෙක තබා චීන රජයත් සමඟ එක්ව සිදුකරන ගණුදෙනුවට
ප්‍රමුඛතාව දීමෙන් රට විශාල අගාධයක් කරා ගමන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (18) වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කරුණු දැක්වීම සඳහා කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.
ලෝකයේ හොඳම නීතිය හඳුන්වා දුන්නත් එමඟින් රටේ ජනතාවගේ ජීවිත අනතුරේ වැටෙන්නේ නම් එය ද්‍රෝහී මෙන්ම දුෂ්ට ක්‍රියාවක් බව යි වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේ.