කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
එම පනත් කෙටුම්පතේ පරිඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය වී ඇත.
මෙම කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම් දී තිබූ අතර අද (18) කතානායකවරයා විසින් අදාළ තීන්දුව පිළිබඳව සභාව දැනුවත් කළේය.