එන්නත ගත්තට ඒකෙන් ආරක්ෂාව ලැබෙන්න කාලයක් යනවා : තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය අත්‍යවශ්‍යයි!

එන්නත ලබාගත් පමණින් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා විය නොහැකි බවත් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් කැස්බෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය සමන්තිකා විජේසුන්දර ප්‍රකාශ කරනවා.

කැස්බෑව ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන ගැන අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.

එසේම, කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වූ අවස්ථාවේ සිට පසුගිය සිංහල අවුරුදු සමය දක්වාම කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් කොවිඩ් මරණ 04 ක් පමණක් වාර්තා වී තිබූ බව පෙන්වා දෙන වෛද්‍යවරිය පවසන්නේ මේ වනවිට දෛනිකව ‍මරණ 02 ක් හෝ ඊට වඩා වාර්තා වීමේ ප්‍රවණතාවයක් මතුව ඇති බවයි.

මේ තත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවයි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර කියා සිටින්නේ.

 

Search