මැයි 30 දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවේ

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට තීරණ කර තිබෙනවා.

ඊට අමතරව පිරිස් එක් රැස්වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීම, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි සංඛ්‍යා සිමා කිරීමට, අසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

 

Search