පිළියන්දල නගරයේ පොදු වෙළඳ සංකීර්ණය අද (9) දිනයේ සිට වසා දැමීමට සෞඛ්‍ය බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
එම වෙළඳ සංකීර්ණය සහ ඒ ආශ්‍රිතව අහඹු ලෙස තෝරාගත් පුද්ගයින්ට පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් පුද්ගලයන් 101 දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් බවට හඳුනා ගැනීම නිසා දින නියමයක් නොමැතිව වෙළඳ සංකීර්ණය වසා දැමීමේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර පිළියන්දල නගරය ඇතුළු පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීමට තීරණය කළ නමුත් පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් එය ග්‍රාම නිළධාරී වසම් කිහිපයකට පමණක් සීමා කිරීමට තීරණය විය.