මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති සියයට 27ක් වූ ගිණුම් ප්‍රමාණයක් (ගිණුම් ලක්ෂ 20ක් පමණ) අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
එවැනි ගිණුම් නියාමනය සහ පාලනය කිරීමට රාජ්‍ය ව්‍යුහයේ පවතින ආයතන ඔස්සේ අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පවතින නීති මත වැඩපිළිවෙළක් සැකසීම සඳහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලී සබ්රි සහ තමා එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඊට අනුමැතිය ලැබුණු වහාම අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසනවා.
එවැනි හිමිකරුවන් නොමැති ගිණුම් ඔස්සේ ත්‍රස්තවාදයට, අන්තවාදයට, ජාතිවාදයට අනුබල දෙන ක්‍රියා, තරුණ පරපුර නොමඟ යවන විෂමාචාර සහ හොරකම්, මැරකම් වැනි සමාජ විරෝධි ක්‍රියාවන්ට ආධාර අනුබල දීම් වන බවට ආරක්ෂක අංශවල නිරීක්ෂණයන්ට ලක්ව ඇති බැවින් රටේ ජාතික ආරක්ෂාවට සහ යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවැනි පියවරක් ගන්නා බවත් ඔහු පෙන්වා දෙනවා.
News Hub