අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ කෝවිඩ් රෝගීන් හමුවීමත් සමග එම ආසාදිත රැඳවියන් මෙන්ම සෙසු රැඳවියන් සම්බන්ධයෙන්ද අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් ඇති බැවින් ඔවුන් කොරෝනා වසංගතයෙන් බේරා ගැනීම සදහා සුදුසු පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීම සිදු කර තිබෙනවා.
කොමිසමේ සභාපති වෙත පැමිණිල්ලක් යොමු කිරීමෙන් පසු 'සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ' ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියේ ය,