පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ අනාවරණයෙන් පසු නොසන්සුන්තාවයක් ඇතිවුණි.
ඔහු කියාසිටියේ පළමුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු සහ හමුදා බුද්ධි අංශ නිළධාරියෙකු අතර සබඳතාවයක් ඇතැයි පාස්කු කොමිසමේ සාක්ෂිවලදීද හෙළිවී ඇති බවයි.
එම නිලධාරියාව අත්අඩංගුවට ගෙන කටඋත්තර ලබාගැනීමට සුදානම් වූ විට හමුදාවේ බුද්ධි අංශය විසින් ඔහුව රැගෙන ගොස් ඇති බව ඔහු අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කරනු ලැබීය.
එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශන කටයුතු කළ CID නිලධාරීන් පිරිසක් රාජකාරි ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන්ද ඒ මහතා අද සඳහන් කර සිටියා.