ආණ්ඩුව දිගින් දිගටම විදෙස්ගත ශ්‍රමිකයින් රවට්ටමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
විදේශයන්හි අසරණ වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව, සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය දැනුවත් කිරීම උදෙසා ඊයේ (17) පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
මෙම අවස්ථාවට එතෙර අපි සංවිධානය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, නීතීඥ ජානක අධිකාරී ද සහභාගි විය.