පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසති.
උන්වහන්සේ ඊයේ (15) මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
“මගේ මිනිස්සුන්ගේ ශරීර මේ පල්ලිවල කෑලිවලට කැඩිලා තියෙන හැටි මම මගේ ඇස් දෙකෙන් දැක්කා. මම දන්නේ නෑ ඔය කියන දේශපාලකයෝ ඒක දැක්කද කියලා. ජනාධිපති කොමිසම තමන්ට පුළුවන් විදිහට විමර්ශනය කරන්න ඇති. නමුත් ඒක සර්ව සම්පූර්ණ ලියවිල්ලක් නෙමෙයි.
මේක අපි මූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වාර්තාවක් හැටියට. යම් යම් මූලික කාරණා කිහිපයක් එහෙන් මෙහෙන් තියෙනවා. නමුත් මේකට කතෘවරුන් වෙච්ච අය හඳුනා ගැනීම, මුදල් දුන් අය හඳුනා ගැනීම හරියාකාරව සිදුවෙලා නෑ.
ඒ නිසා අපිට මේ කොමිසම් සභා වාර්තාව ගැන සෑහීමකට පත්වෙන්න බෑ.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසීය.