අමුතුම ආකාරයේ නීති රෙගුලාසි ඉදිරිපත් කරන වත්මන් රජයේ "සරදම් පාලනය" ඉදිරියටත් ජනතාවට අත්විඳීමට සිදුවනු ඇති
බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.
"රජය අමුතුම රෙගුලාසියක් ඉදිරිපත් කරලා තියෙනවා. වට ප්‍රමාණය 13ට වැඩි නම් 70 යි. ඒ කියන්නේ 13+ නම් 70 යි. 12ත් 13ත් අතර නම් 65 යි. 12ට අඩු නම් 60 යි. එතකොට 69 ලක්ෂයක් ජනාධිපතිවරණයේ ද ජයග්‍රහණයක් ලබාදීලා තුනෙන් දෙකකට ආසන්න ජයග්‍රහණයක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාදීලා රටේ ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ ටේප් පටියක් අරගෙන පොලවල්ගානේ ගිහිලා පොල් ගෙඩි මැන මැන ඉන්න."
"ඉතින් මේක තමයි වියත් මග. බොහොම වියත් ආකාරයෙන් රටේ ජනතාවට සලකමින් යනවා. රටේ ජනතාවටත් මම කියනවා බලාපොරොත්තුවෙන් ඉන්න තව ඉදිරියටත් ටේප් පටි ගණනාවක් එක්ක යන්න වෙයි පොලට. ඉදිරියේදීත් මේ සරදම් රාජ්‍ය පාලනය සරදම් දේශපාලනය බලාපොරොත්තුවෙන් ඉන්න."
"විපක්ෂයක් හැටියට අපි මේ රට මුහුණ දෙන ආර්ථික, සමාජීය, ආගමික සංස්කෘතික, දේශපාලනික ,පරිසර ඔය හැම ප්‍රශ්නයක් වෙනුවෙන්ම රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් අපි එකට හිටගන්නවා. පොදු ජනතාව ජිවත් කරවන පදනමේ සිටින අලුත් දේශපාලන ප්‍රවාහයක්. අලුත් දේශපාලන බලවේගයක්. විශේෂයෙන්ම මම කණගාටු වෙනවා මම දැක්කා ඊයේ පෙරේදා බඩු මිල ගැන ජනතාවගේ අදෝනාව ඉදිරියේ ඇමතිවරුන්ට සිද්ධ වෙලා තියෙනවා පොල් ගස්වල නගින්න. ඒක තමයි මේ මාස කිහිපයට රටට සිදුවෙලා තිබෙන දැවැන්ත සෞභාග්‍ය. ඉතින් මේ විහිළුකාර රාජ්‍ය පාලනයක් ලැබීම පිළිබඳව රටේ ජනතාවට දැන් දැන් හිතන්න අවස්ථාව ලැබිලා තියෙනවා."